Sunday, October 11, 2009

පුතුනි නුඹ නමට......

නුඔ වෙනුවෙන් ගැලු කදුලැලි
තවමත් ගලායයි දෙනයනින්
පෙරදා විලසම අදත්
නුඔ අපෙන් සමුඅරන්
ගත වුවත් සිව්වසරක්
නුඔ ජිවත් වෙයි මගේ හද තුල
එදා මෙන් අදත්
සිහින ලොවක හිදි මා
සිහි කරමි නු‍ඹේ
ජන්ම දිනය සැමදා
ඇහැරුනු කල සිහිනයෙන්
නුඔ නොවෙ මාලග
හැර ගොසින් නුඔ මාව
හැර ගියත් නුඔ අපව
කෙදිනක හෝ
යලි එනු මැන මා තුරුලට
මා සෙනෙහබර පුතනුවනේ

මම
සංගීත් කොඩිකාර
හ / සුචි ජාතික පාසල