Thursday, October 15, 2009

..... සඳ සිසිලස .....


කළුවර දුව අවුත්
නිතර විමසයි
ඔබ ගැන ...........
මගෙ සිත හඬයි
ඔබ නැතුව තැවෙයි මං
තනිකමින් හුදෙකලා වී ...........

තරු ඇස් අහසේ
දිලෙන වේලේ
සිහිවෙන්නේ නුඹ
ගැනමය ..................

ඔබ මට හරි දුරින්
වගෙයි .............................
කැකුළු මල් පිපෙද් දී
ඔබෙ සුවඳ මගෙ ළඟයි
කියා මට දැනෙයි ........................
මගෙ මතකය ඇහැරේ
දුක නැතුවම නොවේ...........................

ඔබ වගේමයි
අහිංසක වූ සඳටආදරේ හිතෙයි ..........................

සිසිල ගෙනෙන
සඳ ඔබමයි
නොදොඩා ම හි
ඳිනනොකියා ම ගිය .................
හිනැහෙයි ඔබ අද
තනිවම ...................
ඉතිරි කර දුක්
කදුළුමට ...............................
එච්. කේ. ධනුෂා
හුංගම.