
ජීවිතය ගැට ගසන්නට අත් පා වාරු නැති කොට කුමක් කරනුද අත පෑම මිස.
රැක බලා ගන්නට කෙනෙකු නැති කල
කුමක් කරනුද අත පෑම මිස.
ඇඟිලි ගනිමින් සිටින්නී
මරු දකින්නට
නමුත්මගේ කුස නොදනී ඒ වග,
පුතුන් වැදුවද ඔවුන් සිටිනා දිශාවක් නොදනිමි මම
ඔවුන් දන්නා මුත් මා සිටින ඉසව්ව
හිතේ නැත විත් මා බලන්නට.
එනමුදු සිතේ නැත තරහක් ඔවුන් ගැන
නමුත් ඒ අනුකම්පාව නොසිඳලයි
මා කුසගින්නවෙන කුමක් කරනුද අතපෑම මිස…………………..
මේ අදහස ලියු මා
වයි. වි. ඒ. සුරේෂ් චතුරත්න
