Sunday, October 11, 2009

සිහින සිහින.....

සිහින සිහින විකුණා
මාර ගහ යට
දුගී දුප්පත්ලොතරැයි......
වෙළද සිටුවර
පුංචි හිර ගෙදර
සිනාසෙන.......
සිහින මිටින් ගෙන
ලෑලි මත ඇණ ගසාගෙන
වැතිරෙන......
යකඩ කටකින්
කෑගසාගෙන
මාර ගහ යට
සිංදු විසිරෙන
පුංචි හිරගෙදර
දිළිසෙන......
චෙළද සිටුවර
පා මුලින් ඉරි
වකුටු වෙත
සිහින කදුහැන්දෑවට......
කුණු කූඩයට
රිංගාගෙන
කදුලු දිළිසෙන...

මම
ඇඹිලිපිටියේ
දිස්නා හර්ෂණි