Sunday, October 4, 2009

සීතල සිහිනයක්


සීතල සඳ පහන් රැයක
සීතල සිහිනයක් ලෙසින්
නෙතුපිය අතරම ආවම
ආසයි අම්මේ විඳින්න...........

ඉස්සර මා විඳි සෙනෙහස
සෙනෙහෙ ගඟුලෙ මා නලවා
ඉස්සර වගෙ තුරුළු වෙලා
මගෙ හිස පිරිමඳින්න දැන්

අම්මේ නෑ කිසිම කෙනෙක්.............
හදිස්සියෙන් ම නුවන් නොදෙන
යන්න වුනා එලොව බලා
ඇයි අමතක වුනේ මාව

එක්ක යන්න ඒ ලෝකෙට.............
අම්මේ නුඹ ඒ සෙනෙහස
සීනෙන්වත් මට දෙන්න
හඳ තුළ පිරි කඳුළු ගඟුල
නුඹ සමුගත් නිසයි මෙලොව.......
මගෙ පාළුව නිවාලන්න
සිහිනෙන්වත් අම්මෙ එන්න................

නිර්මාණය
මොහමඩ් අස්රාන්

හම්බන්තොට