Friday, October 2, 2009

උපමා කවි

01. ගිරවිය වගේ දෙඩුවත් මිහිරැති වචන
කිරිපැණි වගේ සිටියත් විය හැක උරන
වැරදුන දාට කිසිවකු සරන
ඕනෑවිය හැකිය අම්බලමත් පරන


02. කන්නට රස අහර තදබල ගින්න ඇත
නින්දට යහනාව තද නිදිමතට නැත
අම්මට ආලේ න‍ැති දරුවන් පලක් නැත
නැන්දට ලේලි කොතනත් පැවතුනේ නැත

03. මගෙ හිතතුලේ ඇති ගින්දර දෙවියො දනි

නැත නිදහසක් කවදාවත් හිතට දැනී

කොටියට බයේ පැල් රැක හිත ගැනුනි ගිනී
ගෙදර පැමිනි විට ගෑනිත් ඇගට පනී

පොත පත ඇසුරෙන්
පි. කේ. චානක මධුශාන්