ශ්‍රී ලංකා ඉතිහාසෙය් අවසාන සෞභාග්‍යවත් කාලය වන්නේ හයවන පරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය කාලය වු ක්‍රිස්තුවර්ෂ 1451 - 1467 දක්වා වු කාලයයි. “ කෝට්ටේ යුගය ” ලෙස හැදින්වෙන මෙම කාලයයි. සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ විශාල පිබිදීමක් ඇතිවුණා. එමෙන්ම එම කාලය හැදින්වෙන්නේ “ සිංහල සිව්පද කාව්‍යයේ ස්වර්ණමය යුගය ” ලෙසයි. අපට උරුම මහා පඩිරුවනක් වු තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් නිර්මානකරණයේ නියැලුණේ මේ අවදියේයි.

මා වැනි බිලින් දා
වර වර ළගට කැන් දා
දුක් සැප කුමන් දා
අසන නිරිදෝ වෙන කොයින් දා
මෙය ඇසිමෙන් රජ බෙහෙවින් අතර මතු දවසට මොහු මහා පඩිරුවනක් බවට පත්වනවා යැයි අනාවැකියක් පළ කළා. එපමණක්ද නොවේ‚ එතුමා මෙම දරුවා සිය පුත් තනතුරෙන් තබා හදා වඩා ගත්තා.මේ දරුවා නම් වෙනත් කවරෙකු හෝ නොව තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝයි. කාව්‍යශේඛරයේ කවියකින් සදහන් වන ආකාරයට රාහුල කුමරුවන්ගේ උපන්ගම වන්නේ කුමරෙකුද පැමිණ තිබෙනවා. ජනප්‍රවාදයේ සදහන් වන ආකාරයට මෙම රාහුල හිමියන් වික්‍රමබාහු කුමාරයාගේ පුතෙකි. මව සීලවතී නම් තැනැත්තියකි. එමෙන්ම එතුමන් කදවුරු කුයට අයත් බව පරෙවි හා සැළලිහිණි යන සංදේශ දෙකෙහිම සදහන් වී තිබෙනවා.
පැවිදි බව ලැබීම.
පැරකුම් රජුට සිටියේ දියණියන් දෙදෙනක් පමණක් නිසාත්‚ රාහුල කුමාරයාගේ දක්ෂතාවන් මැනවින් අවබෝධ කරගත් නිසාත්‚ රජතුමා රාහුල කුමරුන් පුත් තනතුරෙහි තබාගන්නට ඇතැයි විශ්වාසයක් පවත්වන්ට ළමා රාහුල කුමරුන්ට අවධියේදී රජකුමරුන්ට ළමා අවධියේදී රජ බිසවගේ නොමද ආදරය හා කරුණාව ලබාගැනීමට රජුගෙ දියණියන් වන චන්ද්‍රාවති හා ලෝකනාථා කුමරියන් සමග කෙළිදෙලෙන් කල්ගත කීරිමටත් හැකිවුණා. නමුත් ඔහුට මෙසේ රජ කුමාර එවකු ලෙස සිටිය හැකිවුයේ ටික කාලක් පමණයි. එයට හේතුව නම් එම කුමරුවා කුඩා කලකදීම පැවිදි වීමය. කුඩා රාහුල කුමරුවන් පැවදිවීම සම්බන්ධයෙන්ද ගෙතුණු ප්‍රකට ජනප්‍රවාද තිබෙනවා. දිනක් පුංචි රාහුල කුමරුවා අටවක පෝය දිනයක දියකඩිත්තක් ළග මාඵ බාමින් සිටියා. අසලින් වැඩිය වීදාගම හාමුදුරුවෝ “ මේ අටවකේ තා මාඵ බාන්නේ කොයි වළ යන්නයි ” විමසුවා. එවිට රාහුල කුමරු‚ “ මේ බිලී කෙක්කේ ඇත්තේ එක වනයි ( අට වකක් නැත). මේ වළේ නැත්නම් එහා වළට යනහා”යි පැවසුවා. මෙහිදී දරුවාගෙන් ලැබුණු පිළිතුරෙන් මොහුගේ අවබෝධ ශක්තිය තේරුම්ගත් මොහු කැදවාගෙන ගොස් මහණවීමට කැමතිදැයි විමසා ඔහු මහණ කළ බව සදහන් වෙනවා. රාහුල හිමියන් පැවිදි භික්ෂුන් වහන්සේ ලෙස ලබාදුන් වහන්සේ ලෙස සැලකෙන්නේ කෝට්ටේ වීදාගම හිමියන්. ක්‍රි.ව. 1415දීයි. මෙම වීදාගම හිමියන් හයවන පැරකුම් රජුට රාජ්‍යය ලබාගැනීමට පවා උපකර වු ඔහුට අර්ථයෙන් උදව් කළ හිමිනමකි. මේ හේතුවෙන් රාහුල කුමරුවන් වීදාගම හාමුදුරුවන් යටතේ පැවදි කරවා ඔහුට ධර්මාවබෝධය ලබාදීමට රජතුමා අදහස් කරන්නට ඇතිබව පිළිගැනේනවා. රාහුල හාමුදුරුවෝ අවුරුදු පහළොවේදී ස්කන්ධදේව වරප්‍රසාදය ලබාගැනීමට සමත් වුණා.
ෂඩ් භාෂා පරමේෂ්වරකුඩා රාහුල හිමියන්ගේ දක්ෂතාවය මැනවින් පෙන්නුම් කරන තවත් ජනප්‍රවාදයක් අපට අසන්නට ලැබෙනවා. එකල භාරතයෙන් බ්‍රාහ්මණයෙයෙකු‚ තමන් “ බලියාව කර්මය” කියා දෙයක් දන්නා බවද එවනි බලිශාන්ති කියාත් වීදාගම හාමුදුරුවෝ “ අප ළගත් එවනි යාගයන් තිබෙනවා‚ එම යාග දෙකම එකක් දැයි බැලිම පිණිස එය ගායනා කරන්න” යනුවෙන් බමුණාට පවසා තිබෙනවා. බමුණා යාගය ගායනා කරන විට ඊට යාබද කාමරයේ සිටි රාහුල හිමියන් ක්ෂණයකින් ලඝණයකින් ලඝු අක්ෂර උපයෝගී කරගනිමින් පත් ඉරුවල ඒවා එලෙසම ලියා ගත්තා. බමුණා ගායනා කර ඉවර වු පසු අප ළග ඇති කඵමැද නැති පත්ඉරු ටික ගෙනැවිත් කියවන ලෙස වීදාගම හාමුදුරුවෝ රාහුල හාමුදුරුවන්ට කියා සිටියා. උන්වහන්සේ බමුණා ගායනා කළ දේ එලෙසම සටහන් කරගෙන එය කියවනවා දුටු බ්‍රාහ්මණයා පුදුම වී අප හා ඔබ ළග එකම යාග ශාන්තියක් තිබීම සතුටට කරුණකැයි කියා පිටවී ගියා. මේ මගින් කුඩා රාහුල හිමියන්ගේ දක්ෂතාවය වීදාගම හිමියන්ගේ තැනට සුදුසු නුවණත් අපට මැනවින් පැහැදිලි වෙනවා. තොටගමුවේ රාහුල හිමියන් පැරකුම්බා රජුගේ අනාවැකිය සැබෑවක් බවට පත්කරමින් මහා පඩිවරයෙකු බවට පත්වුණා. උන්වහන්සෙසේ භාෂා හයකින් නිර්මාණකරණයේ යෙදුණා. එම භාෂා නම් සංස්කෘත‚ ප්‍රාකෘත‚ මාගධී‚ පෛශාවි‚ අපභ්‍රංශ හා ශෞරසේනි යන එවායි. භාෂා හයකින් “ ෂඩ් භාෂා පරමේෂ්වර රාහුල හිමිය ”ලෙස විද්වතුන් උන්වහන්සේ හදුන්වනු ලැබුවා. රාහුල හිමියන් භාෂා හයකින් කවි බදින බව කෝකිල සංදේශයේද සදහන් වෙනවා. මෙවැනි විශාල දැනුම් සම්භාරයක් ලබාගත්තේ හිමිවරුන්ගෙන් ලබාගත් ඉගෙනීමෙන්ම පමණක් නොව‚ කදසුරිදුන් ගෙන් ලබාගත් වරයක මහිමයෙන් බව රාහුල හිමියන් සදහන් කරනවා. තවද තැනක සදහන් වන ආකාරයට සරස්වතී නම් තෙල පානය කිරීමෙන් උගත්කම ඇති කරගත් බවද පැවසෙනවා. කෙසේ වුවත් රාහුල හිමියන් දේව බලය කෙරේ දැඩි විශ්වාසයක් දැරූ බව නම් අපට පැහැදිලියි.
තොටගමුවේ හාමුදුරුවෝරාහුල හිමියන් පොදු මහජනයා අතර ප්‍රසිද්ධ වුයේ “තොටගමුවේ හාමුදුරුවෝ” යන නමින්. උන් වහන්සේ කලක් තොටගමුවේ විජයබාහු පිරිවෙනෙහි පරිවේණාධිපතිව සිටි හෙයින් එසේ හදුන්වන්නට ඇත. එසේම ධර්ම දේශනාවලදී එතුමා දැක්වු දක්ෂතාවයන් හෙතුවෙන් “ ශ්‍රී වාගීෂ්වර රාහුල ” නමින්ද ප්‍රසිද්ධ වුණා.
නිර්මාණය ඉදිරිපත් කරන මා,
ලුණම නැණසලේ
අයේෂ් තිලිණ