Saturday, September 5, 2009

සිතුවිල්ලක්

හිරු හෙමින් හෙමින් පුරන පාරමිතාව

ජීවිතයේ මහ ගිරිදඔ තරණයට

සැරසෙන

ඔය පුංචි දෙපා පොඩි අද්දරට

ගලා එන දුක් ගොන්න සීමාවක් නෑ

ඒත් ඒ දුකට තව අයට පේන්න අඩලා වැඩක් නෑ

එහෙම අඩද්දි හිත දුර්වල වෙනවා

අවුකන පිළිමයක් වගේ නොසැලෙන

ආත්ම ශක්තියක් ඇති ජීවිතයට

එහෙම එක්කාසු කරපු කදුළු

හරිම වටිනවා මතක තියාගන්න

දැන් ලස්සනට හිනා වෙලා ඉන්නේ

ඉස්සර ගොඩාරියක් තනියම අඩපු මිනිස්සු


මම

හ / ථෙරපුත්ත ජාතික පාසලේ

සදීපා එරංගි කුමානායක