Wednesday, September 30, 2009

අරුත්බර සහොදරත්වයට...............



සිතුම් පෙළට ඇසක් තිබේ
ලොව ලස්සන දකින්නට,
සිතක් තිබේ ඒ ලස්සන විදින්නට,
සදක් තිබේ නම් පායා නැගෙන්නට,
ඔබටත් වාසනා ඒ සද දකින්නට.
පොඩි හාමුදුරුවනේ
සුදු පාට පිච්ච මල් වට්ටියේ
පෙති විහිදා හිනැහෙන විටදී
දුටුවා ඔය පිං පාට වතේ
දේදුණු හීනය මැකිලා ගියාම
දුක උරැම නෑ කියා.............
කියන්න නොහැකිය
කෙලසකවත්
සිනාමුසු අතීතය................
කදුළු නදියකි.
දැන්මා නෙතු අද්දරේ
කෙලසක අමතම් ද මා
සොයුරු පෙම සගවලා..............
ගොළු වුණු වදන් පෙල
සිහින සිතුම් පෙලට අගුළු දමන විට
මා ලුණම නැණසලේ
ඩබ්. අයි. තුෂාරි

ජීවිතයක තිත්ත ආත්මය........

අලුත් බ‍ර හෙට දිනක,
සැදෑවක නිමේෂයක,
මවයි සිහිනයක්,
රැලි නැ‍‍ගී හදවතක,
ජීවිතේ දෙගංමැදියාව,
එක් නි‍මේෂයක,
හිනැහෙයි ලතැවෙයි,
කුණාටු මුසු සුළග,
සිසිලසින් නාවා,
දහඩියෙන් ‍ඔපකර,
මන‍මෝහනය කරන,
ජීවිතේ ලබැදියාවකට,
නෑකමයි කියන,
අති සුන්දර - අති රමණීය,
අති භයංකර - අති ‍ශෝකීය,
ආත්ම ගත ජීවිතයක,
ඇරඹුම ,
දිවිය ,
අවසානය,
සුසුමක්ව,පි
නිබිංදුවක් ‍මෙන්,
සිදී බිදී ඉහිරී යන,
සත්‍යවාදී ජීවිතයක,
ප්‍රිතිමත් මුල,
දුක්බර වූ මැද,
බෙදි නීයම අග,
ආත්මගත සුන්දරත්වයක,
මුල පිරුමම අවසානයයි.........................

හ / තංගල්ල බාලිකා ජාතික පාසලේ
කුෂානි මහේෂිකා

සුනාමියක මහිම දුටිමි



සොබා දහම මිහිරි වුවත්
ඒහි ඇති වු කුරිරැ බවත්
මිනිසුන්ගේ පාපය තුල
පැටලි ගිය කටු පදුරක්

පවි ඇතිමුත් සිතේ කොතෙක්
රැදුනා වු දුක් තරමක්
දරු කැල හට උරුම වුණේ
දෙමවිපියන් නැති විමක්

දළ රළ පෙළ රැගෙන ගියා
සොමිනස පිරි අප හදවත්
සාගරයට නොහැකි වුණා
ගොඩ නගන්න ඒ හදවත්

අනාත වු දරු කැල හට
උරැම වුණා දුක් පමණක්
සාගර ජලයත් මදි වුණි
මනින්න ඒ දුක් පමනක්

පෙරළා ආ රළ පහරට
ගියාද අප පව් පමනක්
කුල මල හෙම ජාති භේද
නැති වු ඒ ඒක් දවසක්.....

කවි අදහස
හ / ථෙරපුත්ත ජාතික පාසලේ
දිල්කා මධුවන්ති




Saturday, September 26, 2009

මගෙ මව් බිම...................................


බුදු සිරි පහසින් නැහැවුණු පින්බර ලංකා
ඉන්දු සයුරෙ මුතු ඇටයකි මාගේ ලංකා
ගංගා ඇළදොළ කෙත් වතු සපිරුණු ලංකා
මට ආඩම්බරයි මා දිනු පෙම්බර ලංකා..........................

වැවු ජලයෙන් කෙත් වතු සරුසාර වුණා
සරු පොළොවෙන් රන්වන් අස්වනු ලැබුණා
නිල් සයුරෙන් මුතු ඇටයක් එකලු වුණා
පැරකුම් දවස මගෙ රට මල් ලොවක් වුණ...............

කාශ්යප රජුගෙ සීගිරියේ බිතු සිතුවම්
ඉසුරු මුණියෙ අමිල වු ඒ ගල් කැටයම්
අතීතයේ හෙළ දරුවන්ගේ විකුමන්
ලොව දිදුලයි ලක් මව් සැමදා මනරම................

තුරු අග කුසුම් වකසිත වේ නිති සැම කල්
මදනල සුවද විහිදෙයි සැම හට මනකල්
පින්බර හදින් සමිදුට පුද දෙමු සල් මල්
අයදිමු රැක දෙන්නමගෙ මව් බිම නිවහල්............

මා
ඇඹිලිපිටිය ජාතික පාසලේ
ශමින්දික ක්‍රිෂාන්

සමනලයා

පුංචි පුංචි තටු අත් දෙක
පාන්දරින් ඉභළාගෙන
මල් පෙතිවල රොන් බීලා
අාපසු යනවා

පුංවි ළමයි ඉභළට නැග
අත් දෙක උඩ මිට් ගභගෙන
පුංවි ළමයි අාසාවෙන්
සමනලයා අල්ලනවා.

ලියන මා
හ / සහිරා ජාතික පාසලේ
මොහමඩ් අෆ්රිඩි


Thursday, September 17, 2009

සඳකි ඔබ

සැඳෑ අහස ලොව ගලන විට
තරු ගොන්නක් වී පායයි ඔබමට
ආලෝකය දී හෙ‍ට මා හට
නොසැලීයන් සඳ ඔබ

සඳ පහන් වු රාත්‍රියේ
තරුවක් වී ලංවු ඔබ
මගෙතනිය‍ට ලඟ හිඳ
නො සැලීයන් සඳ ඔබ

ලියන මා
හ / ශාන්තමේරි ජාතික පාසලේ
එච්. රමික ඩයස්


Wednesday, September 16, 2009

අධ්‍යාපනය


කෙළි කවට සිනා
මුව පුරා නැගුණු
අකුරු කරනට
ගුරු පාර දෙවට දිගේ
සෙනෙහසින් පියන ගා තුටින් සිටි
ඒ දයාබර අතීතය
පොත් අතර සිර වී
නෙක දැනුම ‍සොයා යන
විඩාබර දෙනත්වෙහෙසවා
දවස් ගෙවන
යෞවනයේ විමන් දොර
ඇරි ඇත
දයාබර වු අතීතය
මීට
හ / වැලිපටන්විල මහ විදුහලේ
11 වසරේ
දමිත් රංජුල

නැණසල මෑණියෝ

කැලයේ කෙතරම් මල් පිපුණ ද
ඒ මල් කැලයේම පරවන්නට ඉඩ නොදී
ඒ මල් දසත සුවදවත් කරන්නට හැකි සේ පුබුදුවන
ඔබයි නැණසල අපට විදු දෙන.......

පරිගණක දැනුම ලබා දී
නව ලෝකය සමග අපට ගැටෙන්නට
හැකි සේ ජීවිත හැඩගස්වන
ඔබයි නැණසල අපට දැනුම දෙන..............

ඉල්ලමකින් මැණිකක් ලබාගෙන
ඒ මැණික ඔප මට්ටම් කරනා සේ
අපව දැණුමින් පෝෂණය කරන
ඔබයි නැණසල අපට දැනුම දෙන...............

පරිගණක දැනුම දී
අපව දැනුමින් සුවදවත් කරන
මලක් සේ හැඩ ගස්වන
ඔබයි නැණසල සදා දිදුලන......................

මම හ / හුංගම විජයබා ජාතික පාසලේ
එස්. ඒ. මධුශිකා

Thursday, September 10, 2009

අපේ ගම

උදයෙන්ම අපහට ඉර පායන විට
අපේ ගමේ සිරිය පෙනෙන විට
දරුවෝ හැම පාසල් යන විට
මගේ ගම ලස්සන වේ සැම විට


මම
ලුණම නැණසෙල්
දිල්කි යශෝධා


ලස්සන අහස

පුන්චි කුරුල්ලන් පියාඹති
අහසඅදුරුවෙයි කලුපාට
වැහි බිදු පොලවට ඇද වැටෙයි
වැවි පිරී යයි වෙල පිරෙයි
ගම යට වෙයි ඉර පායයි
වළාවන් අතරින් පිරි
තිබූ වතුර ගලායයි
සතුන් එහෙ මෙහෙ දුවයි
ගම ලස්සනවෙයි


මම ලුණම නැණස ෙල්
මිත්‍ර මධුශංක

අහස අදුරුෙවන්ෙන් ..........

අහස අදුරු වෙන්ෙන්
සුළඟයි ෙම් හමන්ෙන්
කව්දෝ ම් ෙගාරවන්ෙන්
අහසයි ෙම් ෙගාරවන්ෙන්

බිංදු බිංදු වැටෙන්ෙන්
මහ ෙපාළවට වහින්ෙන්
ගතට සිසිල දැනෙන්ෙන්
ගං අැල ෙදාළ පිරෙන්ෙන්

වැස්සත් දැන් නතරවෙන්ෙන්
අදුරත් දැන් මැකී යන්නේ
රිදී වළා පාවෙන්ෙන්
ඉර හාමිත් බැබලෙන්ෙන්


මම චතුරංග කල්පන

හ / හුංගම විජයබා ජාතික පාසල

6 වසර


Wednesday, September 9, 2009

මගේ ආදර ආම්මා ..........

දස මසක් කුස තුළ දරාගෙන
මා හැදුයේ අම්මා
ලේ කිරි කර මට පොවලා
මා හැදුයේ අම්මා

ලෙඩක් දුකක් හැදුනාමත්
ලඟ සිටියේ අම්මා
කරදෙර්දි පිහිට උනෙත්
මගෙ ආදර අම්මා

දෙවැනි බුදුන් ලෙස සැලකූවෙත්
මගෙ ආදර අම්මා
කවා පොවා ඇති දැඩි කලේ
මගෙ ආදර අම්මා

ඡීවිතයේ මිණි පහනයි
මගෙ ආදර අම්මා
සදා ලොවේ රමණීයයි
මගෙ ආදර අම්මා

මා අනුත්තරා සඳමාලි
හුංගම විජයබා ජතික පාසල.
හුංගම

Tuesday, September 8, 2009

හොඳ ළමයෙක් වෙමි මං......

හිමිදිරි උදෑසන නැගිටී
පොත් පාඩමි කර සිටිදී
කුර‍ල්න්ගේ නාද ඇසී
මගෙ සිත පිබිදුනා.............................. //


නිළ ඇදුමත් ඇඳගෙන මා
දෙමාපියන් කුල නැමදා
පාසල් ගොස් අකුරු ලියා
හොඳට ඉගෙන ගන්නව මම............................... //


පාසල් ගොස් ගෙදර පැමිණ
පොත් පත් වල වැඩ කරලා
ඉවරවෙලා සෙල්ලමි කර
මුවකට සෝදා ගෙන සිටින ළමය මං.......................... //‍


සුදට සුදේ ගස පිරිලා
අනෙක් ගසේ මල් හැලිලා
මල් කඩලා පහන තියන‍
සිටින හොඳ ළමයා මං....................................... //


නිර්මාණය

චානක ලක්ෂ්මන්
හ / රුහුණු විජයබා ජාතික පාසල
තංගල්ල

Monday, September 7, 2009

තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ

ශ්‍රී ලංකා ඉතිහාස‍ෙය් අවසාන සෞභාග්‍යවත් කාලය වන්නේ හයවන පරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය කාලය වු ක්‍රිස්තුවර්ෂ 1451 ‍- 1467 දක්වා වු කාලයයි. “ කෝට්ටේ යුගය ” ලෙස හැදින්වෙන මෙම කාල‍යයි. සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ විශාල පිබිදීමක් ඇතිවුණා. එමෙන්ම එම කාලය හැදින්වෙන්නේ “ සිංහල සිව්පද කාව්‍යයේ ස්වර්ණමය යුගය ” ලෙසයි. අපට උරුම මහා පඩිරුවනක් වු තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් නිර්මානකරණ‍යේ නියැලුණේ මේ අවදියේයි.


මා වැනි බිලින් දා
වර වර ළගට කැන් දා
දුක් සැප කුමන් දා
අසන නිරි‍දෝ වෙන කොයින් දා

මෙය ඇසිමෙන් රජ බෙහෙවින් අතර මතු දවසට මොහු මහා පඩිරුවනක් බවට පත්වනවා යැයි අනාවැකියක් පළ කළා. එපමණක්ද නොවේ‚ එතුමා මෙම දරුවා සිය පුත් තනතුරෙන් තබා හදා වඩා ගත්තා.මේ දරුවා නම් වෙනත් කවරෙකු හෝ නොව තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝයි. කාව්‍යශේඛරයේ කවියකින් සදහන් වන ආකාරයට රාහුල කුමරුවන්ගේ උපන්ගම වන්නේ කුමරෙකුද පැමිණ තිබෙනවා. ජනප්‍රවාදයේ සදහන් වන ආකාරයට මෙම රාහුල හිමියන් වික්‍රමබාහු කුමාරයාගේ පුතෙකි. මව සීලවතී නම් තැනැත්තියකි. එමෙන්ම එතුමන් කදවුරු කුයට අයත් බව පරෙවි හා සැළලිහිණි යන සංදේශ දෙකෙහිම සදහන් වී තිබෙනවා.

පැවිදි බව ලැබීම.
පැරකුම් රජුට සිටියේ දියණියන් දෙදෙනක් පමණක් නිසාත්‚ රාහුල කුමාරයාගේ දක්ෂතාවන් මැනවින් අවබෝධ කරගත් නිසාත්‚ රජතුමා රාහුල කුමරුන් පුත් තනතුරෙහි තබාගන්නට ඇතැයි විශ්වාසයක් පවත්වන්ට ළමා රාහුල කුමරුන්ට අවධියේදී රජකුමරුන්ට ළමා අවධියේදී රජ බිසවගේ නොමද ආදරය හා කරුණාව ලබාගැනීමට රජුගෙ දියණියන් වන චන්ද්‍රාවති හා ලෝකනාථා කුමරියන් සමග කෙළිදෙලෙන් කල්ගත කීරිමටත් හැකිවුණා. නමුත් ඔහුට මෙසේ රජ කුමාර එවකු ලෙස සිටිය හැකිවුයේ ටික කාලක් පමණයි. එයට හේතුව නම් එම කුමරුවා කුඩා කලකදීම පැවිදි වීමය. කුඩා රාහුල කුමරුවන් පැවදිවීම සම්බන්ධයෙන්ද ගෙතුණු ප්‍රකට ජනප්‍රවාද ති‍බෙනවා. දිනක් පුංචි රාහුල කුමරුවා අටවක පෝය දිනයක දියකඩිත්තක් ළග මාඵ බාමින් සිටියා. අසලින් වැඩිය වීදාගම හාමුදුරුවෝ “ මේ අටවකේ තා මාඵ බාන්නේ කොයි වළ යන්නයි ” විමසුවා. එවිට රාහුල කුමරු‚ “ මේ බිලී කෙක්කේ ඇත්තේ එක වනයි ( අට වකක් නැත). මේ වළේ නැත්නම් එහා වළට යනහා”යි පැවසුවා. මෙහිදී දරුවාගෙන් ලැබුණු පිළිතුරෙන් මොහුගේ අවබෝධ ශක්තිය තේරුම්ගත් මොහු කැදවාගෙන ගොස් මහණවීමට කැමතිදැයි විමසා ඔහු මහණ කළ බව සදහන් වෙනවා. රාහුල හිමියන් පැවිදි භික්ෂුන් වහන්සේ ලෙස ලබාදුන් වහන්සේ ලෙස සැලකෙන්නේ කෝට්ටේ වීදාගම හිමියන්. ක්‍රි.ව. 1415දීයි. මෙම වීදාගම හිමියන් හයවන පැරකුම් රජුට රාජ්‍යය ලබාගැනීමට පවා උපකර වු ඔහුට අර්ථයෙන් උදව් කළ හිමිනමකි. මේ හේතුවෙන් රාහුල කුමරුවන් වීදාගම හාමුදුරුවන් යටතේ පැවදි කරවා ඔහුට ධර්මාවබෝධය ලබාදීමට රජතුමා අදහස් කරන්නට ඇතිබව පිළිගැනේනවා. රාහුල හාමුදුරුවෝ අවුරුදු පහළොවේදී ස්කන්ධදේව වරප්‍රසාදය ලබාගැනීමට සමත් වුණා.

ෂඩ් භාෂා පරමේෂ්වර
කුඩා රාහුල හිමියන්ගේ දක්ෂතාවය මැනවින් පෙන්නුම් කරන තවත් ජනප්‍රවාදයක් අපට අසන්නට ලැබෙනවා. එකල භාරතයෙන් බ්‍රාහ්මණයෙයෙකු‚ තමන් “ බලියාව කර්මය” කියා දෙයක් දන්නා බවද එවනි බලිශාන්ති කියාත් වීදාගම හාමුදුරුවෝ “ අප ළගත් එවනි යාගයන් තිබෙනවා‚ එම යාග දෙකම එකක් දැයි බැලිම පිණිස එය ගායනා කරන්න” යනුවෙන් බමුණාට පවසා තිබෙනවා. බමුණා යාගය ගායනා කරන විට ඊට යාබද කාමරයේ සිටි රාහුල හිමියන් ක්ෂණයකින් ලඝණයකින් ලඝු අක්ෂර උපයෝගී කරගනිමින් පත් ඉරුවල ඒවා එලෙසම ලියා ගත්තා. බමුණා ගායනා කර ඉවර වු පසු අප ළග ඇති කඵමැද නැති පත්ඉරු ටික ගෙනැවිත් කියවන ලෙස වීදාගම හාමුදුරුවෝ රාහුල හාමුදුරුවන්ට කියා සිටියා. උන්වහන්සේ බමුණා ගායනා කළ දේ එලෙසම සටහන් කරගෙන එය කියවනවා දුටු බ්‍රාහ්මණයා පුදුම වී අප හා ඔබ ළග එකම යාග ශාන්තියක් තිබීම සතුටට කරුණකැයි කියා පිටවී ගියා. මේ මගින් කුඩා රාහුල හිමියන්ගේ දක්ෂතාවය වීදාගම හිමියන්ගේ තැනට සුදුසු නුවණත් අපට මැනවින් පැහැදිලි වෙනවා. තොටගමුවේ රාහුල හිමියන් පැරකුම්බා රජුගේ අනාවැකිය සැබෑවක් බවට පත්කරමින් මහා පඩිවරයෙකු බවට පත්වුණා. උන්වහන්සෙසේ භාෂා හයකින් නිර්මාණකරණයේ යෙදුණා. එම භාෂා නම් සංස්කෘත‚ ප්‍රාකෘත‚ මාගධී‚ පෛශාවි‚ අපභ්‍රංශ හා ශෞරසේනි යන එවායි. භාෂා හයකින් “ ෂඩ් භාෂා පරමේෂ්වර රාහුල හිමිය ”ලෙස විද්වතුන් උන්වහන්සේ හදුන්වනු ලැබුවා. රාහුල හිමියන් භාෂා හයකින් කවි බදින බව කෝකිල සංදේශයේද සදහන් වෙනවා. මෙවැනි විශාල දැනුම් සම්භාරයක් ලබාගත්තේ හිමිවරුන්ගෙන් ලබාගත් ඉගෙනීමෙන්ම පමණක් නොව‚ කදසුරිදුන් ගෙන් ලබාගත් වරයක මහිමයෙන් බව රාහුල හිමියන් සදහන් කරනවා. තවද තැනක සදහන් වන ආකාරයට සරස්වතී නම් තෙල පානය කිරීමෙන් උගත්කම ඇති කරගත් බවද පැවසෙනවා. කෙසේ වුවත් රාහුල හිමියන් දේව බලය කෙරේ දැඩි විශ්වාසයක් දැරූ බව නම් අපට පැහැදිලියි.

තොටගමුවේ හාමුදුරුවෝ
රාහුල හිමියන් පොදු මහජනයා අතර ප්‍රසිද්ධ වුයේ “තොටගමුවේ හාමුදුරුවෝ” යන නමින්. උන් වහන්සේ කලක් තොටගමුවේ විජයබාහු පිරිවෙනෙහි පරිවේණාධිපතිව සිටි හෙයින් එසේ හදුන්වන්නට ඇත. එසේම ධර්ම දේශනාවලදී එතුමා දැක්වු දක්ෂතාවයන් හෙතුවෙන් “ ශ්‍රී වාගීෂ්වර රාහුල ” නමින්ද ප්‍රසිද්ධ වුණා.
නිර්මාණය ඉදිරිපත් කරන මා,
ලුණම නැණසලේ
අයේෂ් තිලිණ

මිලින වනාවු කවි සිතුවිලි

සැවුලන්ගේ මියුරු නදින්

මුළු ලොවම පිබිදෙයි .......


පුංචිම පුංචි මල් කැකුළු

හිදුවයි දස අතම සුවද ......

හෙට ලොවට සරු බිජුවට නෙලන්නට

ඔබට හැකිවනු නිසැකය...

Saturday, September 5, 2009

සිතුවිල්ලක්

හිරු හෙමින් හෙමින් පුරන පාරමිතාව

ජීවිතයේ මහ ගිරිදඔ තරණයට

සැරසෙන

ඔය පුංචි දෙපා පොඩි අද්දරට

ගලා එන දුක් ගොන්න සීමාවක් නෑ

ඒත් ඒ දුකට තව අයට පේන්න අඩලා වැඩක් නෑ

එහෙම අඩද්දි හිත දුර්වල වෙනවා

අවුකන පිළිමයක් වගේ නොසැලෙන

ආත්ම ශක්තියක් ඇති ජීවිතයට

එහෙම එක්කාසු කරපු කදුළු

හරිම වටිනවා මතක තියාගන්න

දැන් ලස්සනට හිනා වෙලා ඉන්නේ

ඉස්සර ගොඩාරියක් තනියම අඩපු මිනිස්සු


මම

හ / ථෙරපුත්ත ජාතික පාසලේ

සදීපා එරංගි කුමානායක