Saturday, August 29, 2009

අ‍පේ නැණසල

නව ලෝකේ දැනුම සොයන
ඔබ සොයමින් අපි එනවා
තාක්ෂණය දැන ගන්නට
නැණසල වෙත අපි එනවා

විසි එක් වන සියවසේ
දැනුම සොයා යන්න ඔබට
අන්තර්ජාලයට යන්න
නැණසලේ ම රැදී ඉන්න

පරිගණකයේ වැඩ කරන්න
වැඩ කරලා ලොව දිනන්න
හොද පුරවැසියෙකු වීමට
නැණසලේ ම වැඩ කරන්න

නැණසල පංතියට ඇවිත්
ඉගෙන ගන්න සියලු සිසුන්
සත්තයි ලොව දිනනවාමයි
කවදා හෝ මේ මිහිපිට



මම
පසිදු සදීප්
හුංගම විජයබා ජාතික පාසල


Thursday, August 27, 2009

මාගම්පුර නිර්මාණ අඩවිය

මාගම්පුර සිසු දරුවන් සියළු දෙනාගේ නිර්මාණ ඒකරාශි කර ගනිමින් ලුණම නැණසල මධ්‍යස්ථානය සකස් කරනු ලබන මාගම්පුර නිර්මාණ අඩවියට සපැමිණි ඔබ සැම සාදරයෙන් පිළි ගනිමු.

තවත් සියවස් කිහිපයකට ලගා කර ගැන්මට නොහැකි තාක්ෂණික දැණුමක් මාගම්පුරයට කැදවා ඒන්නට දිස්ත්‍රික්කය පුරා නැණසල මධ්‍යස්ථාන ලබා දී ඇති සහාය මෙම දුදරුවන් කරන ලද නිර්මාණ ඔස්සේ මනාවට පිළිබිඹු වේ. ඒ නිසාම නැණසල ගමින් ගමට පිහිටුවමින් නැණසල යෝධ සංකල්පයට පෙර නිමිත්ත කියවු ගරු ජනාධිපති තුමන්ටත්, ඒහි ක්‍රියාත්මක ක්ෂේත්‍රයේ පතාක යෝධයා වන ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනයටත් මාගම් පුරයේ දු දරුවන් වෙනුවෙන් ගරු නමස්කාර කිරිමටත් ඉ සාක්ෂරතාවය ගමින් ගම ව්‍යාප්ත කරන්නටත් මෙම බ්ලොග් තරගාවලියත් කදිම සාහිත්‍ය තෝතැන්නක් වු බවත් පසක් කරන්නේ නිබදවම හද තුළින් නැගෙන සතුට නිසාමය.

ඩබ්. ඒම්. සී. අාර්. කේ. දිසානායක